Den of Thieves 2: Pantera (2025) දියමන්ති මංකොල්ලය Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Den of Thieves 2: Pantera (2025) දියමන්ති මංකොල්ලය Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Den of Thieves 2: Pantera (2025) දියමන්ති මංකොල්ලය Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

0
Comments
Published February 15, 2025

Read more

:
Den of Thieves Collection

Den of Thieves Complete Collection

my template <

 

Den of Thieves (2018) පළවෙනි චිත්‍රපටිය ඔයාලා හැමෝම අනිවාරෙන් බලලා ඇති කියලා මං හිතනවා. මොකද ඉහළම මට්ටමේ තිබුණ චිත්‍රපටියක් තමා ඒක. අවුරුදු 7කට පස්සේ Christian Gudegast ගේ අධ්‍යක්ෂණය සහ රචනය යටතේම මේ චිත්‍රපටියත් නිර්මාණය වෙනවා සුපුරුදු පරිදි.

ඒ වගේම Gerard Butler පොලිස් නිළධාරි නික් ඕ’බ්‍රයන් විදිහටත් O’Shea Jackson Jr ඩොනී විල්සන් විදිහටත් සුපුරුදු පරිදි දැකගන්න පුලුවන්.

Action/Crime කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Lionsgate හරහා බෙදාහරින ලද අතර, චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10. Gerard සහ O’Sheaට අමතරව Evin Ahmad, Salvatore Esposito, Meadow Williams, Swen Temmel ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා. කතාව පළවෙනි චිත්‍රපටියෙම දිගුවක් විදිහට තමයි එන්නේ. නික් තාමත් බැංකු මංකොල්ලය ගැන හිත හිත ඉද්දී දියමන්ති මංකොල්ලයක් ගැන නිව්ස් එකක් දකිනවා. එතනදී ඒ හොරකමේ විදිහට නික්ට ආයෙත් ඩොනීව මතක්වෙලා හොයන්න තීරණය කරලා ප්‍රංශයට යනවා. මෙතන ඉඳලා කතාව ලොකුවට කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඒක ඔයාලට භාරයි.

නික් ඉහළ නිළධාරින් එක්ක ඩැනී ගැන කතා කරන කොටස් ෂූට් කරත් අවසානයේ ඒ කොටස් චිත්‍රපටියෙන් කපලා අයින් කරලා තියෙනවා.

ඒ වගේම 2003 අවුරුද්දේ ඇත්තටම සිද්ධවුණ දියමන්ති මංකොල්ලයකින් තමයි මේ චිත්‍රපටියට ආභාසය අරන් තියෙන්නේ. ඒක තමයි මේ වෙනකල් ලෝකයේ සිද්ධවෙලා තියෙන ලොකුම දියමන්ති මංකොල්ලය. හොරකමේ වටිනාකම ඩො.මි 100කට එහා. තාමත් ඒ දියමන්ති හොයාගන්න නම් ලැබිලා නෑ. ඒ පොඩි ඉතිහාස කතාවක් ඔයාලගේ දැනුමට.


 


IMDb RATING
7.0

Show All Show less

Post a Comment

Comments

Popular posts from this blog

cast sectione